Wednesday, May 23, 2012

Notepad එක Diary එකක් කරමුද?

කවුරුත් දන්නවනෙ ඉතිං windows මෙව්ව එක එක්ක එන Notepad කියන text editor එක 
නොදන්න කෙනෙක් එහෙම ඉන්නවා නම් ඉතිං ඔය Desktop එකෙ වම් පැත්තෙ පහල තියෙන start මෙනු එක ඔබලා ගිහින් Accessories කියන පොට් එකෙ ඇති Notepad කියලා :D
win 7 අයට නම් ඉතිං සිම්පල් search කරන්න පුලුවන් නෙ


දින පොත නැතිනම් Diary එක ගැන නොදදන්න අය නැතුව ඇති කියලා හිතනවා ඔන්න :D

දැන් අපි බලමු කොහොමද Notepad එකෙන් Diary එකක් හදන්නෙ කියලා 
කොටින්ම කිව්වොත් ඉතාමත් සරල සහ 3නෙ පංතියෙ වැඩක් තමයි කරන්න තියෙන්නෙ 
thoppiya
මෙ ක්‍රමයෙ වාසි ටිකක් කියන්නම්කො 
* භාවිතා වන ඉඩ බෙහෙවින් අඩුය (text file නෙ)
* දින හා වෙලාව සදහන් කරමින් චාටර් වෙන්න ඕනෙ නැ (Automatic දිනය සටහන් වෙනවා )
* ලිවිම ඇති ඉඩ සීමාවක් නැත :D
thoppiya
තව ඔන්න ඔහෙ ගොඩක් තියෙනවා
වටිනම වැඩෙ තමයි 
අපි මෙ Notepad ඩයරියෙ මොනවා හරි ලියන්න Open කරන වාරයක් පාසා දිනය හා වෙලාව ඉබෙම සටහන් වෙනවා 
thoppiya
හරි හරි කයිය ගැහුවා ඇතිනෙ :D කොහොමද කරන්නෙ?
එහෙනම් Open කර ගන්න Notepad එකක් හරි Text Doc එකක් හරි
Open කරගෙන ටයිප් කරන්න මෙහෙම

       .LOG                

ඔන්න ඔච්චරයි :D සිම්පල් නෙ දැන් Enter එකක් දිලා File > save කරන්න කැමති නමක් දෙන්න පුලුවන්
දැන් බලන්න ආයෙ open කරලා
thoppiya
අහ් දැක්කා නේද? Open කරපු ගමන් දිනය හා වෙලාව වැටෙන ලස්සන 
thoppiya
මේක ඉතිං තමන්ගෙ අවශ්‍යතාව අනුව වැඩෙට ගැලපෙන විදියට භාවිතා කරන්න පුලුවන් ඩයරි එකක් විදියට පාවිච්චි කරන්න කියලා නියමයක් නැ හොදෙ :D
thoppiya




 ලිව්වෙ - ThoppiYa

11 comments:

Indika Wijesooriya said... REPLY

කොම්පියුටරෙ තියා අතෙංවත් ලියාගන්න වෙලාවක් නෑනෙ බං :D :D

Dilushka madhushan((DILU)) said... REPLY

ඒ නියමයි තොප්පි මාමේ (Y)

ගයාන් වර්ණපුර said... REPLY

තැන්Q මචන්,,,, හොඳ අදහසක්,,,,,

Anonymous said... REPLY

පට්ටයි තොප්පියා
මරු පෝස්ට් එක

Thoppiya said... REPLY

:) බොහොම ස්තුතියි කොමෙන්ට් වලට :D

test said... REPLY

මගෙ ඩයරිය යන්නෙ වර්ඩ් එකෙන් බන්.මොකද මට උවමන කරන ෆොටෝ එහෙම දාගන්න පුලුවන්නේ :D
එත් මෙකත් කරල බලන්නම්.මම මෙ ගැන දැනන් හිටියෙ නෑ.තැන්කූ කියල දුන්නට

allsoftlk said... REPLY

ehema wenne nane eka wada na

Anonymous said... REPLY

ස්තූතියී

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More