Saturday, May 26, 2012

Droid ෆෝන් එකට එන Notification, PC එකෙන් බලමුද?

මේ ක්‍රමෙ ඇවිත් මරුම ක්‍රමයක් 
හැබැයි Android ජංගමයක් අනිවා ඕනෙ ඔන්න මොකක් හරි එකක් Android v1.6 ඉදන් උඩට දුවන

හැමෝම ලඟ කොම්පුටර් එහෙම තියෙනෙ :D

එහෙනම් වැඩෙ පටන් ගමු..

මුලින්ම කියන්නම් මොක්කද මෙ Notification කියන්නෙ නම් දැනුම්දීමක් නෙ
මොනවද අපෙ ෆෝන් එකට එනට notification?



*Call / SMS /  
තමයි ඉතිං ප්‍රධාන වශයෙන්ම එන්නෙ 

Android වලට නම් ඉතිං සැහෙන්න එව්වා තියෙ
facebook/ Twitter / whats app/ viber 
මහ ගොඩක් ජාති ඇප් වලින් එන එක එක ජාතියෙ දැනුම්දීම් නැතිනම් Notification 

ඉතිං ඔය එන දැනුම්දීම් බලන්න නම් ෆෝන් එක ඔබ්බන්නම ඕනෙ කෝල් එකක් ආවත් ෆොන් එක අතට අරගෙනම තමයි බලන්න වෙන්නෙ කාගෙන්ද කියලා කෝල් එක..

වැඩිපුර කොම්පුටර් එකත් ඉන්න අයට ඉතිං ෆෝන් එකයි පිසි එකයි දෙකම එකපාර බලන්න ගියාම වැඩෙ හබක් එක්කො පිසි එකෙ වැඩෙ කචල් නැතිනම් ෆෝන් එකෙ ආපු වැඩෙ කචල්

කොහොමද ෆෝන් එකට එන දැනුම්දීම් (notification) අපි වැඩ කරන මැසිමෙන් බලන්න තියෙනම් 
පස්ට වටිනවා නෙ :D 

ඔන්න ඩ්‍රොයිඩ් කස්ටියට කොරන්න පුලුවන් එ වැඩෙ 
මෙන්න මෙ Software එක බාගන්නකො 
http://www.mediafire.com/?1m97l3k96e5q6se

ඉන්ස්ටෝල් කරගන්න :) English තොරගෙන හොදෙ වැඩි දෙයක් නැ Click 2 තුනයි

ඊට පස්සෙ PlayShop එකෙන් මේක බාගෙන install කරගන්න

wifi බාවිතා කරලා කරනවා නම් මෙහෙම කරන්න
ෆෝන් එකයි මැසින් එක එකම wifi network එකකට සම්බන්ද කරන්න 
(ලැපක නම් wifi hotspot හරි ඩෙස්ක්ටොප් නම් wifi router එකකින් හරි)

මෙන්න මෙ වගෙ වින්ඩොව්ස් නොටිෆි එරියා එකෙ රයිට් කිලික් කරලා ගන්න

දැන් අර pc එකට ඉන්ස්ටෝල් කරපු සොෆ්ට් එකෙන් wifi කියන එක තෝරන්නකො
මෙන්න මෙ වගෙ

Insert Phone IP කියන එක කොහොමද හොයා ගන්නෙ?

හරි ඒක සිම්පල් අර Playshop එකෙන් ෆෝන් එකට දාගත්තු ඇප් එක ඔපෙන් කරලා බලන්න පහලම හරියෙ ඇති IP එක අන්න ඒක දෙන්න Insert Phone IP තැනට දැන් ඔබන්න OK බටන් එක 

wifi භාවිතයෙන් වැඩෙ හරි දැන් :D බලන්න කස්ටිය ටෙස්ට් කරලා මිස් කොල් එහෙම ගහලා :D



USB cable එකෙන් කොහොමද කරන්නෙ අපිට wifi නැ නෙ

* app එක phone memory එකෙ තිබිම අනිවාර්යයි

හරි හරි එකටත් ක්‍රමයක් තියෙ :D අර තියෙන්නෙ උඩ ෆොටො එකෙ USB කියලා පොට් එකක් :D


හැබැයින් Phone Drivers ඕනෙවෙනො (Internet එකෙන් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්)
Windows 7 නම් auto ඩවුන්ලොඩ් කරගන්නවා
නැතිනම් පොන් එක ගන්නකොට එන CD වල තියෙනවා :)
අර PC suit වගෙ එක install කරාමත් Drivers ගන්නවා :D

කොහොමද දැන් ඕක කරන්නෙ ?

මුලින්ම කරන්න ඕනෙ USB Debugging වලට tick කරන එක

ඉගුරුපාන් (Gingerbread) සදහා
Settings > Applications > Development > check USB-Debugging

අයිස් ක්‍රිම් සැන්විච් (Ice Cream Sandwich) සදහා
Settings > Developer Option > check USB-Debugging

දැන් කේබල් එක අරගෙන එහෙම ගහන්නකො ෆෝන් එකට දැන් 
මෙහෙන් තෝරන්න ඕනෙ USB

දැන් ඔබන්න OK 
මෙන්න මෙහෙම ඒවි වැඩ ඔක්කොම හරි නම්

හරිනෙ එහෙනම් 

එහෙනම් ටෙස්ට් කරලා බලන්න ඇ.




මෙ ඇප් එක හදපු greenday123 කියන XDA සමාජිකයාට බොහොම ස්තූතියි 



ලිව්වෙ - ThoppiYa

Thursday, May 24, 2012

Droid කස්ටියගෙ sms සහ call log ටික Gmail එකට Backup කරමු.

දැන් ඉතිං Android ගැන නොදන්න පොඩ්ඩෙක් නැ හැම එකාම ඩ්‍රොයිඩ් 
චයිනා ෆොං කාරයොත් ඩ්‍රොයිඩ් දාගෙන මොකද නිකං දෙන OS එකනෙ පහසුකමුත් සුපිරියි නෙ

Android ගැන කොටන්න ගියොත් ඉතිං මට වෙනම බ්ලොග් එකක් හදලා වෙනක ටයිප් කරන්නත් පොරක් ගන්න වෙනො :D

ඩ්‍රොයිඩ් OS ගැන කතා කරන්න නෙවෙ නෙ ආවෙ,
අද ආවෙ
Droid OS තියෙන අයට පොඩි වැඩ කැල්ලක් දෙන්න 



SMS සහ Call Log
බැකප් කරන මෙව්වා එකක්

අපො ඔව්වද ඔව්වා ඕනෙ තරම් තියෙ නෙ මාර්කට් එකෙ පුරොලා 
ඔව් ඒක නම් ඇත්ත.

ඒ උනාට මේක සාමාන්‍ය බැකප් ඇප් එකක් නෙවෙ මේක ඇවිත් අපෙ sms සහ call log ඔක්කොම ටික
අපෙ Gmail එකවුන්ට් එකට දාගන්න පුලුවන් 

නිකං 7GB+ තියෙන gmail එකෙන් වැඩක් ගන්න පුලුවන් 
APP එකෙ නම ඇවිත්

පුංචි සුට්ටි ඇප් එකක් නොමිලෙ දෙන්නෙ 
Play shop එකෙ search පාරක් දාලා බාගන්නකො

මෙහෙම එකක් එවි install කරාම

Connect කියන තැනට install කරපු ගමන් එන්නෙ තමන්ගෙ Gmail එක දෙන්න හොදෙ ඒක දීලා ඔකෙ කරන්න, එක පාරයි එහෙම කරන්න ඕනෙ ඊට පස්සෙ අපි Backup කියන එක ඔබන පාරාක් පාසා බැකැප් වෙනො නැතිනම්

Auto backup දෙන්නත් පුලුවන් 
Restore කරන්නත් පුලුවන්

බලන්නකො කස්ටිය ට්‍රයි එකක් දාලා 





ලිව්වෙ - ThoppiYa


Wednesday, May 23, 2012

Notepad එක Diary එකක් කරමුද?

කවුරුත් දන්නවනෙ ඉතිං windows මෙව්ව එක එක්ක එන Notepad කියන text editor එක 
නොදන්න කෙනෙක් එහෙම ඉන්නවා නම් ඉතිං ඔය Desktop එකෙ වම් පැත්තෙ පහල තියෙන start මෙනු එක ඔබලා ගිහින් Accessories කියන පොට් එකෙ ඇති Notepad කියලා :D
win 7 අයට නම් ඉතිං සිම්පල් search කරන්න පුලුවන් නෙ


දින පොත නැතිනම් Diary එක ගැන නොදදන්න අය නැතුව ඇති කියලා හිතනවා ඔන්න :D

දැන් අපි බලමු කොහොමද Notepad එකෙන් Diary එකක් හදන්නෙ කියලා 
කොටින්ම කිව්වොත් ඉතාමත් සරල සහ 3නෙ පංතියෙ වැඩක් තමයි කරන්න තියෙන්නෙ 
thoppiya
මෙ ක්‍රමයෙ වාසි ටිකක් කියන්නම්කො 
* භාවිතා වන ඉඩ බෙහෙවින් අඩුය (text file නෙ)
* දින හා වෙලාව සදහන් කරමින් චාටර් වෙන්න ඕනෙ නැ (Automatic දිනය සටහන් වෙනවා )
* ලිවිම ඇති ඉඩ සීමාවක් නැත :D
thoppiya
තව ඔන්න ඔහෙ ගොඩක් තියෙනවා
වටිනම වැඩෙ තමයි 
අපි මෙ Notepad ඩයරියෙ මොනවා හරි ලියන්න Open කරන වාරයක් පාසා දිනය හා වෙලාව ඉබෙම සටහන් වෙනවා 
thoppiya
හරි හරි කයිය ගැහුවා ඇතිනෙ :D කොහොමද කරන්නෙ?
එහෙනම් Open කර ගන්න Notepad එකක් හරි Text Doc එකක් හරි
Open කරගෙන ටයිප් කරන්න මෙහෙම

       .LOG                

ඔන්න ඔච්චරයි :D සිම්පල් නෙ දැන් Enter එකක් දිලා File > save කරන්න කැමති නමක් දෙන්න පුලුවන්
දැන් බලන්න ආයෙ open කරලා
thoppiya
අහ් දැක්කා නේද? Open කරපු ගමන් දිනය හා වෙලාව වැටෙන ලස්සන 
thoppiya
මේක ඉතිං තමන්ගෙ අවශ්‍යතාව අනුව වැඩෙට ගැලපෙන විදියට භාවිතා කරන්න පුලුවන් ඩයරි එකක් විදියට පාවිච්චි කරන්න කියලා නියමයක් නැ හොදෙ :D
thoppiya




 ලිව්වෙ - ThoppiYa

Monday, February 27, 2012

Google Map වලට තමන්ගෙ Business එක ඇඩ් කරන්නෙ මෙහෙමයි

සැහෙන්න කාලෙකට පස්සෙ ආයෙත් ලිපියක් :D

මේක නම් ලඟදි කරලා බලපු දෙයක් :)


අපෙ කස්ටිය දන්නවද Google Maps කියන එක නොදන්න කෙනෙක් නම් ඉතිං දැන් හොය ගන්න අමරුයි එ තරමට ජනප්‍රියයි නෙ ඒත් කනාවට හරි හිටියොත් මෙන්න මෙහෙන් ගිහින් බලන්න මොකක්ද G maps කියන්නෙ කියලා


ඕකෙ තියෙන්නෙ ඉතිං මුලු ලෝකෙම ලොකු පීන්තුරයක් වගෙ :D
තමන් ඉන්න තැන හොයා ගන්න ගන්න ට්‍රයි එකක් දාන්නකො ;)

ඉතිං දැන් ඔය ගුගල් මැප් එකෙ රවුම් ගහපු අය එහෙම දැකලා ඇති එක එක හෝටල්, එක එක ආයතන, 
කොටින්ම කිව්වොත් ව්‍යාපාරික ස්ථාන තියෙනවා! 
ඉතිං හිතුනෙ නැද්ද එව්වා කෝමද එහෙම එකතු උනෙ කියලා...

හිතෙන්න ඇති.....
Google ඇවිත් අර ජන සංඝනනය වගෙ ඇවිත් එකතු කරන් යනවා කියලද?

අපෙ පැත්තෙ නම් එහෙම ආවෙ නැ ඔන්න  එහෙම එන එකක් නැ ඔය ලොකු ලොකු එව්වා නම් ඔටො වැටෙනවා ඇති. 
ඒත් කොහොමද අපි අපෙ පුංචි ව්‍යාපාරය ඔය මැප් එකට ඇඩ් කර ගන්නෙ.. 

හරි සරලයි.. කොටින්ම කිව්වොත් 2 පන්තියෙ වැඩක් තියෙන්නෙ

මුලින්ම තියෙන්න ඕනෙ Google එකවුන්ට් එකක්, Gmail තියෙනවා නම් හරි ඔන්න :D
නැතිනම් මෙහෙන් ගිහින් හදා ගන්න


ඒකත් හරි නම් ඉතිං වැඩ ගොඩක් ඉවරයි :)

ඔන්න එහෙනම් පටන් ගමු අපෙ වැඩෙ මෙන්න මෙතනට යන්න මුලින්ම

ගිහින් එතන තියෙන 
යටතෙ තියෙන 

        
ඔය බොත්තම ඔබන්න කො 
ඊට පස්සෙ ඔයාලගෙ Google Acc එකෙ User Name එකයි Pass එකයි දීලා ලොග් වෙන්න කො

ඊට පස්සෙ මෙන්න මෙහෙම පොට් එකක් එනවා තමන් ඉන්න රටයි තමන්ගෙ ජංගම දුරකතනය අංකයි දෙන්න තැනක්


දුරකතන අංකයට Dialog හො Mobitel එකක් දෙනවා නම් හොදයි එහෙම නැති උනත් ප්‍රශ්නයක් නැ 
හේතුව කියන්න ඉස්සරහට

ඔය ටිකෙන් පස්සෙ එන්නෙ අපෙ බිස්නොස් එක විස්තර හා බිසිනොස් එක තියෙන පොට් එක හරියට දෙන්න තියෙන තැනක් ෆොර්ම් එකක් ටිකක් පුරවන්න තියෙ 
හරියට විස්තර දෙන්න ඇඩ්‍රෙස් එක නගරය, zip කෝඩ් එක වගෙ එව්වා එතකොට දකුනු පැත්තෙ තියෙන පොඩි මැප් එකෙන් පෙන්වනවා එතකොට.. එ උනාට හරියටම අපෙ ස්පොට් එක නෙවෙ එන්නෙ  එහෙම උනාට අව්ලක් නැ අපිට පුලුවන් අපෙ බිස්නොස් එක තියෙන තැන පෙන්වන්න

Drag The marker to correct location 
කියන නැන ඔබන්න කො ඔබලා අපෙ මෙව්වා එක තියෙන තැන හරියටම මාර්ක් කරන්න අර රතු පාට මෙව්වා එක අරන් ගිහින් හරි තැනින් තියන්න

Satellite view එක දාගත්තම හරි ලේසියි :D
ඕක තමයි ඉතිං වැදගත්ම වැඩෙ 

හරියට විස්තර ටික පුරවලා පහලම තියෙන Submit කියන එක ඔබන්න

ඕන්න දැන් තමයි අර නම්බරෙ දුන්න එකෙ වැදගත් කම එන්නෙ දැන් Google විසින් verify කර ගන්න හදන්නෙ 

ඔය මාර්ග තුනෙන් කැමැති එකක් තොරගන්න :)

මම දැනට චෙක් කරලා තියෙන්නෙ නම් By Postcard කියන එක :)
කිසි ප්‍රශ්නයක් නැතුව ආවා ගෙදරටම Google Post කාර්ඩ් එකක් PIN එකත් එක්ක

කැමති විදියකට කරන්න කො
(post card එක තොරගත්තෙ මම google ඉල්ලන ජාතියෙ sim එකක් නැති නිසා )

ඔන්න ඔබන්න 
Finish 
කියන තැන පහලින්ම තියෙන

ඊට පස්සෙ එන්නෙ අපෙ Dash Board එක 
එකෙ මැද හරි තියෙනවා PIN එක ගහන්න තැනක්

ඔතනට PIN එක දිලා verify කර ගන්නකො.

ඔක්කොම හරියට උනා නම් මෙන්න අන්තිමට එන මැසෙජ් එක 

එහෙනම් දවසකින් විතර ආයෙ බලන්නකො තමන්ගෙ බුසිනොස් පොට් එක google මැප් එකෙ තියෙද කියලා



Monday, January 30, 2012

හොරබඩු eMail කරන්න මෙන්න ක්‍රමෙ :D

කාට කටත් ඉතිං හොර බඩු එහෙම සුට්ට සුට්ට එහෙම ඇතිනෙ ;)
(ලැජ්ජ වෙන්නෙ ඔනෙ නැ ඉතිං)


අද හදුන්වලා දෙන්නෙ email සෙවාවක්.. සාමාන්‍ය එවා වගෙ නෙවෙ ටිකක් වෙනස්

වෙනස කියනව නම් ඉතිං මෙ email සෙවාව හරහා යවන email අපිට මකන්න පුලුවන් email එක කියෙව්වට පස්සෙ. (කියවන කෙනාගෙ මේල් එකෙතියෙන එක)
Gmail, Yahoo වගෙ එවලින් අපිට මෙ සේවාව ලබා දෙන්නෙ නැ...gmail,yahoo වල පුලුවන් ඉතිං sent item වලින් අයින් කරන්න තමයි 

අපිට ඕනෙ වෙනවා කියමුකො යවනකෙනා එක පාරක් විතරක් දකින්න ඔනෙ මේල් එකක්.
බැලුවට පස්සෙ ඔටොමැටික් මැකිලා යන්න 
(උදා- පුද්ගලික පින්තුර, ලියුම, ගනුදෙනු)

එහෙනම් මෙන්න ක්‍රමෙ 
Self-Destructing Email
ඒත් මොකක්ද එහෙම සේවාක් සපයන ආයතනය ???
(ඒක තමයි ඉතිං අද මං කියන්න ආවෙ)

ඒකෙ නම නම් ඇවිත් BigSring කියලා එකක :)
(දන්න කට්ටියත් ඔනෙ තරම් ඇති)
මෙතනින්යන්නකො
www.bigsring.com


ඔතනින් ඔබන්න Sign Up සුපුරුදු පරිදි
ඊට පස්සෙ එන වින්ඩො එකට තමන් කැමති user name එකක් දෙන්න දිලා බලන්න අපිට ගන්න පුලුවන්ද කියලා... :) එ උසර් නේම් එක හරි යන්නෙ නැතිනම් වෙන එකක් ට්‍රයි කරන්න..

ඊට පස්සෙ
එනවා මෙහෙම එකක්
Continue කියන එක ඔබන්නකො ඉතිං :D

ඊට පස්සෙ තමන්ගෙ තොරතුරු ලබා දීලා ෆොර්ම් එක පුරවන්න



දැන් ඔය ඔක්කොම හරියට පුරවල ඉස්සරහට ගියාම හරියට කරානම් එන්නෙ මෙහෙම එකක්

"Thank you for signing up for a BigString Account Your account, username@bigstring.com is almost ready for your use.
Please check your alternate email address for the verification link to start using BigString."

ඊට පස්සෙ ආයෙමත් http://www.bigstring.com/ වලට ඇවිත් user name සහ pw දිලා ලොග් වෙන්න

සාමාන්‍ය විදියම තමයි පෙනුම නම් ඔබන්න කො compose කියන එක වම් පැත්තෙ තියෙන
ඔය අංක 1 කියන්නෙ email type එක...
Recallable / Quick Destruct / Regular with Tracking / Regular /Video mail

ඔය අංක 2 තමයි මැකෙන්න ඔනෙ වෙලාව වගෙ වෙනස් කම් කරන්නෙ

Recallable කියන්නෙ අපි යනව මැසෙජ් එක කි පාරක් ඔපෙන් කොලිත් මැක්කෙන ඔනෙද කියලා හදන්න පුලුවන් 

Quick Destruct එකෙන් කරන්නෙ පුලුවන් වෙන්නෙ මැසෙජ් එක ඔපෙන් කරලා කොපමන වෙලාවකින්ද මැකෙන්න ඔනෙ කියලා.

Regular with Tracking කියන්නෙ සාමාන්‍ය විදියෙ මෙල් එකක්.. track කරන්න පුලුවන් එ කියන්නෙ මේල් ඔපෙන් කරාද කියලා..

Regular කියන්නෙ ඉතිං සාමාන්‍ය.. :D



අහ් තව එකක් කියන්න අමතක උනා.. අපි Recallable / Quick Destruct / ටයිප් වලින් යවන මෙල් අපිට ට්‍රැක් කරන්න පුලුවන් ( අර ලියපදිංචි තැපැල් වගෙ )





එහෙනම් මගෙ හැදින්වීම ඉවරයි...... සුභදවසක් :D
පස්න එහෙම තියෙ නම් ඉතිං පස්සනයක් කරගන්නෙ නැතුව අහන්න :)


 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More